
ණය ගෙවීමේ තිරසාර තත්ත්වය නිසා ශ්‍රී ලංකාවට වාසියක් හිමිවෙනවා -ඇමති අලි සබ්‍රි-
ද්වී පාර්ශ්වීය ණය හිමියන් සමඟ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සාර්ථක කර ගැනීමත් සමඟ ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් බිලියන 17ක පමණ වාසියක් හිමිවන බව විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා පවසනවා.
එසේම ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර සම්බන්ධයෙන් වන සාකච්ඡා සාර්ථක කර ගැනීමටද මෙම තත්ත්වය ඉවහල් වන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
ස්ථාවර රටකට සැවොම එක මඟකට යන මැයෙන් අද (28) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා මේ බව සඳහන් කර සිටියා.