ණය පොලී අඩුවීමේ වාසිය ගැනුම්කරුවන්ට කඩිනමින් ලබා දෙන්න – මහ බැංකු අධිපති

ණය පොලී අඩුවීමේ වාසිය ගැනුම්කරුවන්ට කඩිනමින් ලබා දෙන්න – මහ බැංකු අධිපති

බැංකු ණය පොලී අනුපාත අඩු කිරීමට තවදුරටත් හැකියාව තිබෙන බැවින් එම පොලී අනුපාත අඩුවීමේ වාසිය ඉක්මනට ණය ගැනුම්කරුවන්ට ලබාදිය යුතු බවට මහ බැංකුව විසින් බැංකුවලට දැනුම් දෙන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා.

ඒ සම්බන්ධයෙන් දිගින් දිගටම බැංකු ප්‍රධානීන්ට දැනුම් දී ඇති අතර ඒ ගැන ඔවුන් සමග සාකච්ඡා කර තොරතුරු ලබා ගන්නා බවයි මහ බැංකු අධිපතිවරයා සඳහන් කරන්නේ.

ඊයේ(28) මහ බැංකුවේදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.

මේ පොලී අනුපාත අඩුවීමේ වාසිය ඉක්මනට සිදුවිය යුතු බව අවධාරණය කරන බවද එහිදී සඳහන් කළා.

මේ වනවිට තැන්පත් පොලී අනුපාත අඩුවී තිබෙන නිසා ණය පොලී අනුපාත තවදුරටත් අඩු කිරීමට බැංකුවලට අවකාශයක් ඇති බවද පෙන්වා දුන් බව සඳහන්.

මෙසේ ණය පොලී අනුපාත තවදුරටත් අඩුවීමට අවකාශයක් පවතින නිසා දැනට පවතින මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාත දැනට පවතින මට්ටමේම නොවෙනස්ව පවත්වාගෙන යාමට පෙරේදා (27) පැවැති මහ බැංකු මුදල් ප්‍රතිපත්ති මණ්ඩල රැස්වීමේ දී තීරණය කළ බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

Share This