තණමල්විල වාහන 3 ක් මතට ගසක් වැටී හානි

තණමල්විල වාහන 3 ක් මතට ගසක් වැටී හානි

තණමල්විල, තිස්ස ප්‍රධාන මාර්ගයේ රණවර්ණාව ප්‍රදේශයේ දී මාර්ගයේ ධාවනය වෙමින් තිබූ යතුරු පැදියක්,පෞද්ගලික බස් රථයක් සහ විදේශීය සංචාරකයින් ප්‍රවාහනය කල වෑන් රථයක් මතට විශාල ගසක් කඩා වැටී අනතුරක් සිදු වී තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ මෙම අනතුරින් යතුරු පැදියේ ගමන් කරමින් සිටින තරුණයෙක් සහ තරුණියක් තුවාල ලබා තණමල්විල ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කර ඇති අතර පසුව බරපතල තත්ත්වයේ සිටි යතුරු පැදි කරු හම්බන්තොට මහ රෝහලට මාරු කර යවා ඇති බවයි.

තිස්ස සිට තණමල්විල දෙසට පෞද්ගලික බස් රථය ධාවනය වෙමින් තිබී ඇති අතර බස් රථයේ කිසිවෙකුටත් තුවාල සිදුව නැහැ.

විදේශීය සංචාරකයින් පිරිස ගමන් ගත් වෑන් රථයටද හානි සිදු වී ඇති නමුත් සංචාරකයින් හට කිසිදු හානියක් සිදු වී නැතැයි අප වාර්තාකරු සශහන් කළා.

පසුව ප්‍රදේශවාසින් කඩිනමින් ගස කපා ඉවත් කර මාර්ගයේ රථ වාහන ධාවනයට යලි විවෘත කර තිබෙනවා.

 

Share This