
තද අව්වේ ක්‍රීඩා පුහුණුවීම්වල නිරත වූ පාසල් සිසුන් 11 රෝහල් ගත කෙරේ
ගම්පොල ගලහා ප්‍රදේශයේ පාසලක ක්‍රීඩා පුහුණුවීම් කළ සිසුන් එකොලොස් දෙනෙකු රෝහල් ගත කර තිබෙනවා
මෙම සිසුන් අධික අව් රශ්මියේ ක්‍රීඩා පුහුණුවීම් සිදු කර ඇති අතර ගලහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු අසාධ්‍යව සිටි සිසුන් දෙදෙනෙකු පේරාදෙණිය ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා ඇති බව සඳහන්
මොවුන් දෙදෙනා සිහිසුන් තත්ත්වයෙන් රෝහලට ඇතුළත් කර තිබෙනවා
මෙම පාසලේ ක්‍රීඩා උත්සවය ලබන 28 දින පැවැත්වීමට නියමිතව තිබී ඇති අතර පාසල් දරුවන්ගේ ආරක්ෂාව සලකා එම උත්සවය කල් දමා තිබෙනවා