තන්තිරිමලේ ගම්මාන 13 ක් ආණ්ඩුවේ තීරණයකට එරෙහි වෙයි

තන්තිරිමලේ ගම්මාන 13 ක් ආණ්ඩුවේ තීරණයකට එරෙහි වෙයි

තමන් පදිංචිව සිටින ඉඩම් රක්ශිත බවට පවරා ගැනීමට එරෙහිව රජරට පොදු ජන ගොවි සංවිධානය ඒකාබද්ධව අනුරාධපුර, තන්තිරිමලය ප්‍රදේශයේ ගම්මාන 13 ක ජනතාව ඊයේ පෙරවරුවේ විරෝධතාවක නිතර වුණා.

ගම්වැසියන් පවසන්නේ රජය විසින්ම ලබාදුන් නිරවුල් සින්නක්කර ඔප්පු තමන් සතු වුවද ඒවාට නෛතික වලංගු භාවයක් නොමැති බව පවසමින් රජය විසින් සිය ඉඩම් රක්ෂිත බවට පවරාගැනීම අසාධාරණ බවයි.

තන්තිරිමලය ප්‍රදේශයේ පිහිටා ඇති කොසඹෑව, නාරම්විල, අලුත්ගම, හැටමූණ ඇතුළු ගම්මාන 13 ක ජනතාව සහ රජරට පොදු ජන ගොවි සංවිධානය ඒකාබද්ධව ඊයේ පෙරවරුවේ විරෝධතාවක් සංවිධාන කර තිබුණා.

ඒ 1970 දශකයේ දී රජය විසින්ම ලබාදුන් ජයභූමී ඔප්පු සහිත පවුල් 800කට අධික පිරිසක් පදිංචිව සිටින ඉඩම් රක්ශිත බවට පවරා ගැනීමට එරෙහිවයි.

ගම්වැසියන් පවසන්නේ යුධ ත්‍රස්තවාද සමයේදීත් ගම්බිම් අත් නොහැර සිටි තමන්ට සින්නකර ඔප්පු තිබියදීත් සිය ඉඩම් පවා අහිමිකරවීම අසාධරණ බවයි.

Share This