
තනිව නිවසේ සිටි මිනුවන්ගොඩ වයෝවෘද්ද කාන්තාවක් ඝාතනය කරලා
මිනුවන්ගොඩ, යටියන ප්‍රදේශයේ කාන්තාවක් දූෂණය කර මුහුණට මිරිස් කුඩු ගසා ගෙළඹිරිකා ඝාතන කර ඇති බව පොලිසිය පවසනවා.
මෙලෙස ඝාතනයට ලක්වී ඇත්තේ 19/1 මිනුවන්ගොඩ, යටියන ප්‍රදේශයේ පදිංචි කොස්ගොඩ පතිරණලාගේ ප්‍රේමලතා නම් වයස අවුරුදු 71 කාන්තාවක්.
දැනට අවුරුදු දෙකකට පෙර ඇගේ සැමියා මියගොස් සිටී බැවින් නිවසේ තනිවම වාසය කර ඇති අතර අසල්වැසි නිවසක කාන්තාවක් ඊයේ (24) සවස නිවසට පැමිණ සොයා බලද්දි ඇඳ මත මිරිස් කුඩු මුහුණේ තැවරී වැටී සිටිනු දැක පොලීසිය දැනුවත් කර තිබෙනවා.
මිනුවන්ගොඩ වැඩ බලන මහේස්ත්‍රාත් ඉන්ද්‍රාණි රත්නායක මහත්මිය ස්ථානීය පරීක්ෂාවක් සිදුකර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා ගම්පහ අධිකරණ වෛද්‍ය නිලධාරී වෙත යොමු කරන ලෙස පොලිසියට දැන්මි දුන්නා.
