තම භූමියේ මධ්‍යම දුර මිසයිල යෙදවීමට පිලිපීනයෙන් අමෙරිකාවට අවසර

තම භූමියේ මධ්‍යම දුර මිසයිල යෙදවීමට පිලිපීනයෙන් අමෙරිකාවට අවසර

තම රට තුළ මධ්‍යම දුර මිසයිල යෙදවීම සඳහා පිලිපීනය විසින් අමෙරිකාවට අවසර ලබා දී තිබෙනවා.

එය කලාපීය ආතතීන් තවදුරටත් අවුළුවන පියවරක් බවයි චීනය ප්‍රකාශ කර ඇත්තේ.

චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Lin Jian මහතා පෙන්වාදෙන්නේ භූ දේශපාලන ගැටුම සහ අවි තරඟය තවදුරටත් ව්‍යාප්ත කරන එම ක්‍රියාව බරපතළ වරදක් බවයි.

පිලිපීනයේ අදාළ පියවර සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කර ඇති අතර එය කිසිදු ප්‍රහාරාත්මක අරමුණකින් නොව, පිලිපීනයේම ආරක්ෂක හැකියාවන් වැඩිදියුණු කිරීම සඳහා සිදුකරන බව පෙන්වා දී තිබෙනවා.

මෙම කලාපයට මිසයිල හෝ ගැටුම් කිසිසේත් අවශ්‍ය නොවන බව අවධාරණය කරන චීනය, එය සහතික කළ යුත්තේ සාමය සහ සමෘද්ධිය සඳහා පමණක් බවයි පෙන්වාදී ඇත්තේ.

කලාපීය රටවල හඬට අවනත වී සිය වැරදි භාවිතයන් හැකි ඉක්මණින් නිවැරදි කිරීමට පියවර ගන්නා ලෙස චීනය අදාළ පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින අතර මධ්‍යම දුර මිසයිල පද්ධතිය ඉවත් කළ යුතු බවත්, තවදුරටත් වැරදි මාර්ගයේ නොයා යුතු බවත් චීනය පිලිපීනයෙන් ඉල්ලා සිටින බව ද Lin Jian මහතා වැඩිදුරටත් අවධාරණය කර තිබෙනවා.

Share This