
තමන් තැබූ ගින්නට හසුව ගොවියෙක් අවාසනාවන්ත මරණයකට ගොදුරු වේ
තම කුඹුරේ පිදුරු වලට ගිනි තැබූ ගොවි මහතෙකු එම ගින්නටම හසුව කුඹුර තුල මිය ගිය කණගාටුදායක පුවතක් පොළොන්නරුව – හිගුරක්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා වනවා.
හිගුරක්ගොඩ ,වරාහේන ප්‍රදේශයේ ගොවි මහතෙකු විසින් තම කුඹුරේ පිදුරුවලට තබන ලද ගින්නක් පැතිර ගොස් එම ගින්නට හසුවීමෙන් සිය කුඹුරු තුල ඊයේ(03) දහවල් අවාසනාවන්ත ලෙස මිය ගොස් සිටි පුවත වාර්තා වුණා.
මෙලෙස ගින්නට හසුව මියගොස් ඇත්තේ හිගුරක්ගොඩ ,බෝගස් හංදිය ප්‍රදේශයේ පදිංචි එන්.කේ.එච්.ආනන්ද නැමැති තිදරු ගොවි මහතෙක්.
ඊයේ දහවල් එම ගොවි මහතා ඊළඟ කන්නයට සිය කුඹුරු බිම සූදානම් කිරීම සදහා තම කුඹුරේ අස්වැන්න නෙලීමෙන් පසු ඉතිරිව ඇති පිදුරු වලට හා ඉපනැල්ලට ගිනි තබා තිබෙනවා.
එහිදී මේ දිනවල පවත්නා අධික උණුසුම් කාළගුණික තත්ත්වය හා සුළඟ හේතුවෙන් කුඹුරේ ගින්න පැතිර ගොස් ඊට මැදිව තිබෙනවා.
පසුව ගින්නට හසුවූ පුද්ගලයා ප්‍රදේශවාසියෙකු දැක ඒ පිළිබදව අනෙකුත් ප්‍රදේශවාසීන් දැනුවත් කිරීමට උත්සහ කර ඇති නමුත් ඒ වනවිටද එම පුද්ගලයා ගින්නට හසුව දරුණු ලෙස තුවාල ලබා මිය ගොස් සිටි බව සඳහන්.
මිය ගිය පුද්ගලයාගේ මෘත ශරීරය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සදහා ඔහුගේ දේහය පොළොන්නරුව මහ රෝහල වෙත රැගෙන යාමට නියමිතව තිබුණා.