තර්ජනය කිරීම නවත්වන්න -තායිවාන ජනපතිගෙන් චීනයට ඉල්ලීමක්-

තර්ජනය කිරීම නවත්වන්න -තායිවාන ජනපතිගෙන් චීනයට ඉල්ලීමක්-

තායිවානයට තර්ජනය කිරීම නවත්වන්නැයි එහි නව ජනාධිපති විලියම් ලායි චීනයට පවසා තිබෙනවා.

තායිවානයේ අභිනවයෙන් දිවුරුම් දුන් ජනාධිපති විලියම් ලායි චීනයෙන් ඉල්ලා සිටියේ දිවයිනට තර්ජනය කිරීම නවතා එහි ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්ම පිළිගන්නා ලෙසයි.

දිවුරුම් දීමෙන් ටික කලකට පසු ගැටුම වෙනුවට සංවාදයක් ඇති කරන ලෙස ඔහු තවදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

දිගු කලක් තිස්සේ දිවයින තමන්ගේ යැයි කියමින් සිටින චීනයේ තර්ජන හමුවේ තායිවානය කිසි විටෙකත් පසුබට නොවන බව ද ඔහු මෙහිදී ප්‍රකාශකර තිබෙන බව සඳහන්.

චීනය ඊට ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ “තායිවානයේ ස්වාධීනත්වය මාරාන්තික අවසානයක්” බවයි.

Share This