තරුණ වියේදීම ජීවිතය අතහැරි K-pop තරුව

තරුණ වියේදීම ජීවිතය අතහැරි K-pop තරුව

K-pop තරුවක් වන Moonbin මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

සෝල් හි පිහිටි මහල් නිවාසයේදී ඔහු මිය ගොස් ඇති බව ඔහුගේ කළමනාකරු විසින් එරට පොලිසියට දැනුම් දී ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

ඔහුගේ මරණය සියදිවි නසාගැනීමක් බවට සැක කෙරෙන බව දකුණු කොරියානු පොලිසියේ ප්‍රකාශයක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය පවසනවා.
මිය යන විට ඔහුගේ වයස අවුරුදු 25ක් වූ බවද සඳහන් වනවා

Moonbin සියදිවි නසාගෙන ඇති බව පෙනෙන නමුත් මරණයට නිශ්චිත හේතුව තීරණය කිරීම සඳහා මරණ පරීක්ෂණය පැවැත්වෙන එරට පොලිසිය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

2009 වසරේ දී ඔහු රංගනයට පිවිසි අතර 11 හැවිරිදි වියේ දී ජනප්‍රිය කොරියානු නාට්‍ය මාලාවක් වන Boys Over Flowers හි ද රඟපානු ලැබුවා

වයස අවුරුදු 18 දී, එනම් 2016 වසරේ දී ජනප්‍රිය සංගීත කණ්ඩායම Astro සමග Moonbin සම්බන්ධ වී තිබෙන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

Share This