තරුෂි අද තරග බිමට

තරුෂි අද තරග බිමට

ප්‍රංශයේ පැරිස් නුවර පැවැත්වෙන ඔලිම්පික් උළෙලේ මීටර 800 ධාවන ඉසව්වේ මූලික වටයේ තරගයට ධාවන ශූරී තරුෂි කරුණාරත්න අද (02) සහභාගී වීමට නියමිතව තිබෙනවා

එහිදී මෙම ඉසව්වේ මූලික වටයේ හයවන තරගයට තරුෂි කරුණාරත්න සහභාගී වනවා

එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 11.15ට ආරම්භ වන බව සඳහන්

මෙවර පැරිස් ඔලිම්පික් උලෙළේ මලල ක්‍රීඩා ඉසව් ඊයේ (01) ආරම්භ වූ  අතර එම තරග ලබන 11 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි

මේ අතර අරුණ දර්ශන පිරිමි මීටර 400 මූලික වටයේ තරග සඳහා ලබන 4 වැනිදා මෙරට වේලාවෙන් රාත්‍රී 10.35ට තරග කිරීමට නියමිතව තිබෙනවා

Share This