තල්මසුන්ගේ අම්බර් සමඟ සැකකරුවෙකු පොලිස් දැලේ

තල්මසුන්ගේ අම්බර් සමඟ සැකකරුවෙකු පොලිස් දැලේ

රාගම, කැන්දලියද්දපාලුව ප්‍රදේශයේදී රුපියල් කෝටි 10ක් පමණ වටිනාකමින් යුතු නිල් තල්මසුන්ගේ අපද්‍රව්‍යක් වන අම්බර් කිලෝ 10ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

මෙසේ අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 54ක් වන කැන්දලියද්දපාලුව, රාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය සිදුකරනු ලබනවා.

Share This