තලෙයිබාන් සහ චීන සමාගමක් අතර ඇතිවුණු ගිවිසුම

තලෙයිබාන් සහ චීන සමාගමක් අතර ඇතිවුණු ගිවිසුම

ඇෆ්ගනිස්ථානයේ තලේබාන් රජය එරට උතුරේ තෙල් කැණීම සඳහා චීන සමාගමක් සමග ගිවිසුමක් අත්සන් කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

2021 වසරේදී තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානයේ පාලනය අත්පත් කර ගැනීමෙන් පසු විදේශීය සමාගමක් සමග බලශක්ති නිස්සාරණය කිරීමේ පළමු ප්‍රධාන ගිවිසුම මෙය වන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ

වසර 25 ක කාලයක් සඳහා මෙම ගිවිසුම බලපැවැත්වෙන බවයි පැවසෙන්නේ

චීන ව්‍යාපාරිකයින් භාවිතා කරන හෝටලයකට ප්‍රහාර එල්ල කළ ඉස්ලාමීය රාජ්‍ය කණ්ඩායම් සටන්කාමීන් ආරක්ෂක හමුදා ඉලක්ක කර ගත් බව තලේබාන් නිලධාරීන් පවසා තිබෙනවා

එහිදී IS සටන්කාමීන් 8 දෙනෙකු මිය ගිය අතර තවත් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගත් බව තලේබාන් සංවිධානය පවසනවා

Share This