තවත් කොවිඩ් ප්‍රභේදයක් රටවල් කිහිපයකටම ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙයි

තවත් කොවිඩ් ප්‍රභේදයක් රටවල් කිහිපයකටම ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙයි

කොවිඩ් වෛරසයට අදාළ ඔමික්‍රොන් ප්‍රභේදයේ උප ප්‍රභේදයක්වන JN.1 Covid ප්‍රභේදය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

මෙම ප්‍රභේදය ඉන්දියාව, චීනය, එක්සත් රාජධානිය සහ එක්සත් ජනපදය ඇතුළු ලොව පුරා බොහෝ රටවල සොයාගෙන ඇති බවයි පැවසෙන්නේ

එමෙන්ම මහජනතාවට ඇති අවදානම දැනට අඩු මට්ටමක පවතින අතර වත්මන් එන්නත් අඛණ්ඩව ආරක්ෂාව සපයන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා තිබෙනවා

නමුත් මෙම ශීත ඍතුවේ දී කොවිඩ් සහ අනෙකුත් ආසාදන වැඩි විය හැකි බවට අනතුරු අඟවා ඇති බවද සඳහන්

උණ, ශ්වසන අබාධ සහ නියුමෝනියාව වැනි තත්ත්වයන් උතුරු අර්ධගෝලයේ වැඩි වෙමින් පවතින බවද විදෙස් මාධ්‍ය පවසනවා

Covid ඇති කරන වෛරසය කාලයත් සමග නිරන්තරයෙන් වෙනස් වන අතර සමහර විට මෙය නව ප්‍රභේද වර්ධනය වීමට හේතුවන බවයි විද්‍යාඥයින් සඳහන් කර තිබෙන්නේ

ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) දැනට ඔමික්‍රොන් හා සම්බන්ධ උනන්දුවක් දක්වන JN.1 ඇතුළුව ප්‍රභේද ගණනාවක් නිරීක්ෂණය කරමින් සිටින අතර
ලෝකයේ බොහෝ තැන්වලට එය වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

එය දැනට එක්සත් ජනපදයේ වේගයෙන්ම වර්ධනය වන ප්‍රභේදය වන අතර, එක්සත් ජනපදයේ රෝග පාලනය සහ වැළැක්වීමේ මධ්‍යස්ථානවලට අනුව, ආසාදනවලින් 15-29% ක් අතර ප්‍රමාණයක් මෙම ප්‍රභේදය වනවා .

Share This