තවත් ගෑස් ආශ්රිත පිපිරීමක්
හැටන් හිජිරාපුර ප්රදේශයේ පිහිටි නිවසක මුළුතැන්ගෙයක තිබූ ගෑස් උඳුනක් ඊයේ (21) රාත්රී 8.30 ට පමණ පුපුරා ගොස් ඇති බව හැටන් පොලිසිය පවසනවා.
නිවාස හිමියන් ඊයේ (21) පස්වරු 6.30 පමණ මුළුතැන්ගෙහි වැඩ අවසන් කර ගෑස් උඳුන ක්රියාවිරහිත කර රූපවාහිනිය නරඹමින් සිටියදි රාත්රි 8.30 පමණ විශාල ශබ්දයක් ඇසුණු බවත්, පසුව ගොස් පරික්ෂා කිරිමේදි ගෑස් උඳුන පිපිරී විනාශ වී ඇති බවත් නිවාස හිමියා පැවසුවා.
පිපිරීමෙන් කිසිවෙකුටත් තුවාල සිදු වී නැහැ.
උඳුන සවි කර තිබු ලිට්රෝ ගෑස් සිලින්ඩරය මීට දින 15 කට පමණ ප්රථම හැටන් නගරයෙන් මිල දී ගෙන ඇති බවයි හැටන් පොලිසිය කියා සිටියේ.