තවත් රන් හා රිදී පදක්කම් දෙකක් – ශ්‍රී ලංකාව පදක්කම් සටහනේ සිව්වන තැනට

තවත් රන් හා රිදී පදක්කම් දෙකක් – ශ්‍රී ලංකාව පදක්කම් සටහනේ සිව්වන තැනට

තායිලන්තයේ පැවැත්වෙන 25 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ රන් සහ රිදී පදක්කම් දිනාගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් අද (16) සමත්ව වුණා.

ඒ අනුව නව වාර්තාවක් පිහිටුවමින් මීටර් 800 කාන්තා ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට තරුෂි කරුණාරත්න සමත් වී තිබෙනවා

එමෙන්ම මෙම තරග ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට ගයන්තිකා අබේරත්න සමත් වුණා.

මීට අමතරවමීටර් 400×4 පිරිමි සහාය දිවීමේ ඉසව්වේ රන් පදක්කම අරුණ දර්ශන, කාලිංග කුමාරගේ, රාජිත රාජකරුණා සහ පබසර නිකූ නියෝජනය කළ කණ්ඩායම දිනා ගත්තා

මේ අතර කාන්තා මීටර මීටර් 400×4 සහය දිවීමේ ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමට නදීෂා රාමනායක, තරුෂි කරුණාරත්න, සයුරි මෙන්ඩිස් සහ නිශේන්ද්‍රා ප්‍රනාන්දු යන ක්‍රීඩිකාවන් සමත් වුණා.

මේ අනුව රන් පදක්කම් 3ක් රිදී පදක්කම් 02 සහ ලෝකඩ පදක්කම් 3ක් සමගින් සමස්ත පදක්කම් 8ක් දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා.

ශ්‍රී ලංකාව පදක්කම් සටහනේ සිව්වන ස්ථානය දිනා ගත් අතර එය ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලි ඉතිහාසයේ පදක්කම සටහනක හිමිකර ගත් ඉහළ ස්ථානය බව සඳහන්

Share This