ත්‍රස්ත ප්‍රහාරයක් සැලසුම් කළ එක්සත් ජනපදයේ තරුණයෙක් අත්අඩංගුවට

ත්‍රස්ත ප්‍රහාරයක් සැලසුම් කළ එක්සත් ජනපදයේ තරුණයෙක් අත්අඩංගුවට

ත්‍රස්ත ප්‍රහාරයක් සැලසුම් කළ බවට චෝදනා ලබමින් එක්සත් ජනපදයේ Philadephia හි 17 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම තරුණයා පසුගිය සිකුරාදා බටහිර Philadephia හිදී FBI විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර Al-Qaeda ත්‍රස්ත සංවිධානයට අනුබද්ධ කණ්ඩායමක් සමග සන්නිවේදනය කිරීමේ චෝදනාවට ලක් වූ බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

මෙම පුද්ගලයාට එරෙහිව ගොනු කර ඇති චෝදනා මෑත ඉතිහාසයේ ෆිලඩෙල්ෆියා ප්‍රාන්ත අධිකරණයේ පැවරූ නඩුවකින් එල්ල වූ බරපතලම ත්‍රස්තවාදී චෝදනා වන බවයි Philadelphia District Attorney Larry Krasner සඳහන් කරන්නේ.

තරුණයා රසායනික ද්‍රව්‍ය ලබාගෙන සමූල ඝාතක අවියක් තැනීමට පියවර ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

අල් කයිඩාවට අනුබද්ධ විදේශීය ත්‍රස්ත සංවිධානයක් වන Katibat al Tawhid wal Jihad (KTJ) සමග තරුණයා සන්නිවේදනය කළ බව කියන තොරතුරු FBI දැනගත් විට විමර්ශනය ආරම්භ කර තිබෙනවා.

Share This