ත්‍රස්තවාදයට එරෙහිව ඉන්දියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය එක් වෙයි.

ත්‍රස්තවාදයට එරෙහිව ඉන්දියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය එක් වෙයි.

ත්‍රස්තවාදය පිටුදැකීම සම්බන්ධයෙන් ඉන්දියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව කලාපීය සහ ජාත්‍යන්තර මට්ටමින් සෑම ආකාරයකම දේශසීමා ත්‍රස්තවාදය ඇතුළු අන්තවාදයට සහ ත්‍රස්තවාදයට එරෙහි ඒකාබද්ධ කැපවීම යළිත් තහවුරු කළ බවයි ඉන්දියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය විසින් නිකුත්කළ ඒකාබද්ධ නිවේදනය මගින් පවසා ඇත්තේ.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඉකුත් දා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නිල සංචාරයක නිරත වුණා.

එහිදී ඔහු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති ෂීක් මොහොමඩ් බින් සයීඩ් අල් නහියන් හමුවූ අතර නායකයින් දෙපළ අතර ක්ෂේත්‍ර කිහිපයක් සම්බන්ධයෙන් ද්විපාර්ශවික සාකච්ඡා පැවැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ත්‍රස්තවාදයට එරෙහි ඒකාබද්ධ නිවේදනය නිකුත් කර ඇත්තේ ද ඊට සමගාමීවයි.

එමෙන්ම ත්‍රස්තවාදයට, අරමුදල් සැපයීමට සහ අන්තවාදයට එරෙහි සටනේදී ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට ද නායකයින් දෙපළ එහිදී එකග වී තිබෙනවා.

Share This