
ත්‍රිකුණාමලය – චීනවරාය වෙඩි තැබීමේ සිද්ධියේ පැදිකරු අත්අඩංගුවට
ත්‍රිකුණාමලය චීන වරාය ප්‍රදේශයේදී නිවසක් තුළදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කළ සිද්ධියේ වෙඩික්කරු පැමිණි යතුරුපැදියේ පැදිකරු කතරගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකා බුද්ධි අංශ නිලධාරීන් කටයුතු කර තිබෙනවා.
පොලීසිය පැවසුවේ අහුංගල්ල ප්‍රදේශයේ පදිංචි අදාළ සැකකරු වැඩිදුර විමර්ශන සඳහා කතරගම පොලිසිය වෙත භාර දුන් බවයි.
