
ත්රිරෝද රථයක් මතට ගසක් වැටී අයෙකුට දිවි අහිමිව, තිදෙනෙක් රෝහලේ
ඊයේ (23) රාත්රී 8.45 ට පමණ මාවනැල්ල පොලිස් වසමේ බැද්දෙවෙල පාලම අසල පිහිටි මාර ගසක් මුලින් ඉදිරි රඹුක්කන – මාවනැල්ල මාර්ගයේ ගමන් කළ ත්රී රෝද රථයක් මතට වැටී පුද්ගලයකු ජීවිතක්ෂයට පත් වුණා.
එම අවස්ථාවේදී, ත්රී රෝද රථයේ පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු, එක් කාන්තාවක හා කුඩා දැරියක් ගමන් කරමින් සිට ඇති අතර, ඔවුන් අතරින් තුවාල ලැබූ තිදෙනකු මාවනැල්ල මූලික රෝහලට ඇතුලත් කර තිබෙනවා.
මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කරදන පේඩිගේ නිශාන්ත නමැති 38 හැවිරිදි ඇයෙක්.
යටමන්නාගොඩ දිසානායකලාගේ ජයරත්න (අවු.57), හේලි ආන්යා ඉඹුල්දෙනිය (අවු.02 මාස 06), සහ ජයමාන්නලාගේ උත්පලා ජයසිංහ (අවු.48), යන අය මාවනැල්ල රෝහලේ ප්රතිකාර ලබනවා.


