තායි කුමරිය රෝහල් ගත කෙරේ

තායි කුමරිය රෝහල් ගත කෙරේ

තායි රජුගේ වැඩිමහල් දියණිය හෘදයාබාධයක් සෑදී ඇද වැටී ඇති බව තායිලන්ත රජ මාලිගය සඳහන් කරනවා

Vajiralongkorn රජුගේ වැඩිමහල් දියණිය වන Bajrakitiyabha කුමරිය බැංකොක් නගරයට ඊසාන දෙසින් තම සුනඛයන් පුහුණු කරමින් සිටියදී ඇදවැටි ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

44 හැවිරිදි ඇය අසල රෝහලකට රැගෙන ගොස් පසුව හෙලිකොප්ටරයකින් බැංකොක් වෙත ගෙනවිත් ඇති බවයි පැවසෙන්නේ

තවදුරටත් ඇය ප්‍රතිකාර ලබමින් සිටින අතර ඇයගේ තත්ත්වය යම් දුරකට ස්ථාවර බවට රජ මාලිගය ඊයේ(14) රාත්‍රියේදීම නිවේදනය කර තිබෙනවා

Bajrakitiyabha කුමරිය තායිලන්තයේ බහුලව දක්නට ලැබෙන්නේ සිහසුනට වඩාත්ම පිළිගත හැකි උරුමක්කාරිය ලෙසයි .

ඇය ශාරීරික යෝග්‍යතාවයට දැඩි උනන්දුවක් දක්වන සහ සුදුසුකම් ලත් නීතිඥවරියක් බවද විදෙස් මාධ්‍ය පවසනවා .

එමෙන්ම ඇය 2012 සිට 2014 දක්වා වියානා හි තායිලන්ත තානාපතිනිය ලෙසද කටයුතු කර තිබෙනවා

Share This