තායිලන්ත උත්සවයකට බෝම්බ ප්‍රහාරයක් – තිදෙනෙකු මරුට
තායිලන්තයේ පැවති උත්සවයකට සහභාගි වෙමින් සිටි පිරිසකට පුපුරණ ද්‍රව්‍යයක් විසිකිරීමෙන් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් පුද්ගලයින් 48 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා
උතුරු ටක් පළාතේ උම්ෆැන්ග් දිස්ත්‍රික්කයේ වාර්ෂිකව පවත්වනු ලබන රතු කුරුස ඩොයි ලොයිෆා (Red Cross Doi Loyfa) ප්රදර්ශනයකටයි මෙලෙස ප්‍රහාරය එල්ල වී ඇත්තේ
සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර තුවාල ලැබූ හය දෙනෙකු තත්ත්වය බරපතළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ
බෝම්බ ප්‍රහාරයෙන් මියගිය සහ තුවාල ලැබූවන්ගේ පවුල් වෙත සිය ශෝකය ප්‍රකාශ කරන බව අග්‍රාමාත්‍ය Paetongtarn Shinawatra සිය X ගිණුමේ සටහනක් තබමින්ම ප්‍රකාශ කර තිබෙනවා
පිපිරීමට හේතුව සොයා බලා විපතට පත් වූවන්ට උපකාර කරන ලෙස තමන් පොලිසියට සහ ආරක්ෂක අංශවලට නියෝග කළ බව ඇය පවසා ඇත්තේ