තායිලන්ත දේශසීමාවේ පිහිටි සමාජ ශාලාවක ගින්නක් -10ක් මරුට

තායිලන්ත දේශසීමාවේ පිහිටි සමාජ ශාලාවක ගින්නක් -10ක් මරුට

තායිලන්ත දේශසීමාවේ පිහිටි කාම්බෝජ හෝටල් සමාජ ශාලාවක ඇති වූ ගින්නකින් අවම වශයෙන් පුද්ගලයන් 10 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා

ගින්න හටගන්නා විට ගොඩනැගිල්ලේ පුද්ගලයින් 400ක් පමණ සිට ඇති බවයි එරට පොලිසිය පවසන්නේ

ගින්නට හේතුව සොයා ගැනීමට බලධාරීන් තවමත් උත්සාහ කරමින් සිටින බවද විදෙස් මාධ්‍ය පවසනවා

තුවාල ලැබූවන්ගෙන් කිහිපදෙනෙක් තායිලන්තයේ Sa Kaeo පළාතේ රෝහල් වෙත මාරු කර යවා ඇති බව තායි විදේශ අමාත්‍යාංශයේ නිලධාරියෙක් AFP පුවත් ඒජන්සියට පවසා ඇති බවද විදෙස් මාධ්‍ය සඳහන් කරනවා

Share This