තායිලන්ත නාවික හමුදාවට අයත් නෞකාවක් මුහුදුබත් වෙයි – නාවිකයන් 100කට අධික පිරිසක් අතරමං වෙයි

තායිලන්ත නාවික හමුදාවට අයත් නෞකාවක් මුහුදුබත් වෙයි – නාවිකයන් 100කට අධික පිරිසක් අතරමං වෙයි

තායිලන්ත නාවික හමුදාවට අයත් Sukhotai නෞකාව ඊයේ (18) රාත්‍රියේ තායිලන්ත මුහුදු ප්‍රදේශයේදී ඇති වූ කුණාටුවකට හසුවී පෙරළී ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා

එහි සිටි නැවියන් 100කට වැඩි පිරිසක් බේරා ගැනීම සඳහා කටයුතු යොදා ඇති අතර අද (19) දිනයේත් නාවිකයන් 31 දෙනෙකු බේරා ගැනීම සඳහා කටයුතු යොදමින් සිටින බවද එරට බලධාරීහු පවසා තිබෙනවා

ජීවිත හානි කිසිවක් වාර්තා වී නොමැති නමුත් කාර්යය මණ්ඩලයේ තිදෙනෙකු අසාධ්‍ය තත්ත්වයේ පසුවන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

Prachuap Khiri Khan පළාතේ Bang Saphan දිස්ත්‍රික්කයේ වෙරළට කිලෝමීටර් 32ක් (සැතපුම් 20ක්) ඔබ්බෙන් වූ මුහුදේ මුර සංචාරයේ යෙදී සිටි නෞකාවක් මෙලෙස කුණාටුවට හසුව ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

සහාය සඳහා නෞකා තුනක් සහ හෙලිකොප්ටර් යානා යවා ඇතත් Sukhotai නැව ගිලී යාමට පෙර එය වෙත ළඟාවීමට හැකිව ඇත්තේ Kraburi නැමැති නෞකාවට පමණක් බවයි පැවසෙන්නේ

Share This