
තායිලන්ත සිරිකිත් රැජින අභාවප්‍රාප්ත වේ
තායිලන්තයේ වජිරලොන්කෝන් රජුගේ මව වන සිරිකිත් රැජින වයස අවුරුදු 93 අභාවප්‍රාප්‍ත වී තිබෙනවා.
තායි රාජකීය ගෘහ කාර්යාංශයට අනුව ඊයේ එරට වේලාවෙන් රාත්‍රී 9.21 ට බැංකොක් රෝහලකදී ඇය “සාමකාමීව” සිය ජීවන සැරිය අවසන් කර තිබුණා.
2019 සිට රෝහලේ සිටියදී සිරිකිත් “රෝග රැසකට ගොදුරු වී” ඇති අතර, මේ මාසයේ රුධිර ආසාදනයක් ද ඊට ඇතුළත් බව ඇගේ අභාවප්‍රාප්ත වීම පිළිබඳ වාර්තා වල වැඩිදුරටත් සඳහන් වුණා.
දශක හයකට වැඩි කාලයක්, සිරිකිත් රැජින 2016 දී අභාවප්‍රාප්ත වූ තායිලන්තයේ දීර්ඝතම රජකම් කළ රජතුමා වන භූමිබෝල් අදුල්යාදේජ් රජු සමඟ විවාහ වී සිටියා.
