
තායිලන්තයට එන සංචාරකයින්ට බද්දක්
එළඹෙන උත්සව සමය තුළ සංචාරකයින් සඳහා බද්දක් පැනවීමට තායිලන්ත රජය තීරණය කර තිබෙනවා.
ඒ අනුව අදාළ සංචාරක බද්ද පැනවීමේදී එක් සංචාරකයෙකු සඳහා බාත් 300ක අය කෙරෙනු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
කෙසේවෙතත් මෙම බදු ක්‍රමය සම්බන්ධයෙන් වන වැඩිදුර තොරතුරු මෙතෙක් වාර්තා වී නොමැති අතර බදු එකතු කිරීම පහසු කිරීම සඳහා තායිලන්ත ඩිජිටල් පැමිණීමේ කාඩ්පත (TDAC) වෙත දත්ත සම්බන්ධ කිරීමට නියමිතව ඇති බව සඳහන්.
මෙම සංචාරක බද්ද ලබන මැයි මස පළමුවනදා සිට බලාත්මක වනු ඇති.