
තායිවාන ගැටලුව තම රටේ අභ්‍යන්තර කටයුත්තක් බැවින් කිසිදු බාහිර මැදිහත්වීමකට ඉඩ නොදෙන බව චීනය කියයි
චීන රාජ්‍ය මණ්ඩලයේ තායිවාන කටයුතු කාර්යාලය අද(12) නිත්‍ය මාධ්‍ය හමුවක් පවත්වමින් අමෙරිකාව සහ ජපානය අතර අදාළ ඒකාබද්ධ ප්‍රකාශය පිළිබඳ ප්‍රතිචාර දක්වා තිබෙනවා.
චීන රාජ්‍ය මණ්ඩලයේ තායිවාන කටයුතු කාර්යාලයේ ප්‍රකාශිකා Zhu Fenglian මහත්මිය එහිදී ප්‍රකාශ කර තිබෙන්නේ, තායිවාන ගැටලුව සම්පූර්ණයෙන්ම චීනයේ අභ්‍යන්තර කටයුත්තක් වන බැවින් කිසිදු බාහිර මැදිහත්වීමකට ඉඩ නොදෙන බවයි.
ඊනියා ඇමරිකා ජපාන ඒකාබද්ධ ප්‍රකාශය, තායිවාන ගැටළුව භාවිත කරමින් වගකීම් විරහිත ප්‍රකාශ පළකිරීම සහ චීනයේ අභ්‍යන්තර කටයුතුවලට දැඩි ලෙස මැදිහත් වීම මූලික කරගෙන ඇති බවයි චීනය පවසන්නේ.
එබැවින් එකම චීනය ප්‍රතිපත්තිය සහ චීන ඇමරිකා ඒකාබද්ධ නිවේදනයන්ට අවනත වෙමින් තායිවාන බෙදුම්වාදීන්ට වැරදි පණිවුඩ ලබා දීම නවත්වන ලෙස චීනය අමෙරිකාවෙන් ඉල්ලා තිබෙනවා.
එමෙන්ම වගකීම් සහගත රටක් ලෙස ජපානය ඓතිහාසික පාඩම්වලින් ඉගෙන, තායිවාන ගැටළුව සුපරීක්ෂාකාරීව හැසිරවිය යුතු අතර, චීනය සහ ජපානය අතර දේශපාලන සබඳතා සඳහා අවනත විය යුතු බවත් චීනය වැඩිදුරටත් අවධාරණය කර තිබෙනවා.