තායිවාන ගුවන් කලාපයට චීන යානා ඇතුළු වූ බවට චෝදනා

තායිවාන ගුවන් කලාපයට චීන යානා ඇතුළු වූ බවට චෝදනා

චීන ගුවන් හමුදා යානා සිය ගුවන් කලාපයට ඇතුළු වන බවට තායිවානය චෝදනා කරනවා.

තායිවාන ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවේ චීන යුද ගුවන් යානා 8ක් තායිවාන සමුද්‍ර සන්ධියේ මධ්‍ය රේඛාව තරණය කර අද (24) දිනයේ වෙරළට නාවික සැතපුම් 24ක් ආසන්න කලාපයට පැමිණි බවයි

එමෙන්ම අද පෙරවරුවේ (GMT 0000 GMT) J-10 සහ J-16 ප්‍රහාරක යානා ඇතුළුව චීන ප්‍රහාරක ගුවන් යානා 19 ක් සොයා ගෙන ඇති අතර ඉන් අටක් මධ්‍ය රේඛාව පසුකර ගුවන් අවකාශය උල්ලංඝණය කළ බවයි තායිවානයේ ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ

කෙසේ වෙතත් පසුගිය වසර තුන තුළ චීනයේ ගුවන් හමුදාව තායිවානය අවට ගුවන් අවකාශයට ඇතුළු වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ

පසුගිය මාර්තු මාසයේදී තායිවාන ආරක්ෂක අමාත්‍ය Chiu Kuo-cheng අනතුරු අඟවමින් සඳහන් කර ඇත්තේ චීන හමුදාව සිය භූමියට ආසන්න ප්‍රදේශවලට හදිසි ඇතුල්වීමක් සිදු කරන්නේ නම් ඊට ප්‍රතිචාර දැක්වීම සඳහා සීරුවෙන් සිටිය යුතු බවයි

Share This