තායිවානය, ඉන්දියාව සමග ආර්ථික සබඳතා තර කර ගැනීමේ මෙහෙයුමක

තායිවානය, ඉන්දියාව සමග ආර්ථික සබඳතා තර කර ගැනීමේ මෙහෙයුමක

ඉන්දියාවේ මුම්බායි හි තායිපේ ආර්ථික හා සංස්කෘතික මධ්‍යස්ථානයක් පිහිටුවීමට තායිවානය සූදානම් වනවා.

ඒ දෙරට අතර අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක වෙළෙඳ සහ ආයෝජන අවස්ථා පුළුල් කිරීමේ අරමුණින්.

මෑතකාලීනව ඉන්දියාව සමග පවතින සහයෝගීතාවය, ආර්ථික සබඳතා සහ වෙළඳාම, විද්‍යාව සහ තාක්‍ෂණය, සංස්කෘතිය, අධ්‍යාපනය සහ සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාව ඇතුළු බොහෝ අංශ සැලකිය යුතු ප්‍රගතියක් අත්කර ගෙන ඇතැයි තායිවාන විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.

සහ සහයෝගීතාව තවදුරටත් වර්ධනය කිරීම සඳහා මුම්බායි හි තායිපේ ආර්ථික හා සංස්කෘතික මධ්‍යස්ථානය පිහිටුවන බවයි තායිවාන විදේශ කටයුතු අමාත්‍යාංශය පවසා ඇත්තේ.

2012 වසරේදී තායිපේ ආර්ථික හා සංස්කෘතික මධ්‍යස්ථානයක් චෙන්නායි හි පිහිටුවා තිබෙනවා.

ඉන් පසුව ඉන්දියාවේ ආයෝජනය කරන සහ කර්මාන්තශාලා විවෘත කරන සියලුම තායිවාන ව්‍යාපාරවලින් සියයට 60 කට ආසන්න ප්‍රමාණයක් දකුණු ඉන්දියාව සිය මෙහෙයුම් මධ්‍යස්ථානය ලෙස තෝරා ගෙන ඇතැයි සඳහන්.

Share This