තායිවානයට දරුණු සුළි කුණාටුවක් ගැන අනතුරු අඟවයි
දරුණු සුළි කුණාටුවක් සම්බන්ධයෙන් තායිවානයට අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබෙනවා.
එරට Kong-rey නගරයෙන් සුළි කුණාටුව රට තුළට ඇතුළු වන බවට දැනුම්දීම් සිදු කර ඇති අතර එය පැයට කිලෝමීටර් 240ක පමණ වේගයකින් හමා යනු ඇති බවටයි අනාවැකි පළ කර ඇත්තේ.
ඒ අනුව තායිවානයේ ප්රදේශ රැසකට අධික වර්ෂාපතනයක් පතිත වනු ඇති බවට එරට කාලගුණ බලධාරීන් අනතුරු අඟවා තිබෙනවා.