තාවකාලිකව වැසුණු යාල ජාතික වනෝද්‍යානය

තාවකාලිකව වැසුණු යාල ජාතික වනෝද්‍යානය

මාර්තු 01 දින සිට නැවත දැනුම් දෙන තුරු යාල ජාතික උද්‍යානයේ කලාප අංක 01 සහ 02 එම ප්‍රදේශයේ පවත්නා වර්ෂාව හේතුවෙන් සංචාරකයන්ට වසා තැබෙන බව වනජීවි හා වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුව නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව එහි පවත්නා සංචාරක බංගලා ද නැවත දැනුම් දෙනතුරු සංචාරකයන් සඳහා වසා තැබෙන බව සඳහන්.

යාල කලාප 03, 04, 05 සහ 06 සංචාරකයන් සඳහා විවෘතව පවතින අතර එම කලප සදහා කාර්ය මණ්ඩලය අවශ්‍ය පරිදි අනුයුක්ත කර තිබෙන බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.

Share This