
තැපැල් ඡන්දයේ දෙවන දිනය අද
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්දය සලකුණු කිරීම අද දෙවන (25) දිනටත් සිදු කෙරෙනවා
එමෙන්ම අප්‍රේල් 28 සහ 29 යන දින දෙකෙහිද තැපැල් ඡන්දය සලකුණු කිරීම සඳහා අවස්ථාව ලබා දී තිබෙනවා
සිරි දළදා වන්දනාව සඳහා විශේෂ රාජකාරීවල යෙදීසිටින පොලිස් නිලධාරීන් වෙනුවෙන් විශේෂ තැපැල් ඡන්ද මධ්‍යස්ථානයක් මහනුවර පිහිටුවීමට පියවර ගෙන ඇති බවත් සඳහන්
ඒ අනුව මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ එම පහසුකම් සලසා ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ
කෙසේ වෙතත් තැපැල් ඡන්දය සලකුණු කිරීමට ලබාදී ඇති කාලය යළි දීර්ඝ නොකරන බවද කොමිෂන් සභාව වැඩිදුරටත් කියා සිටියා