තියපු තැනක් නැති –  කෙනෙක් නැති කුලියාපිටිය  අරුම වෙඩි තැබීමේ පැමිණිල්ල

තියපු තැනක් නැති – කෙනෙක් නැති කුලියාපිටිය අරුම වෙඩි තැබීමේ පැමිණිල්ල

කුලියාපිටිය පහළ ගොමුගමුව ඒ.පී.චන්දන කුමාර නමැති පුද්ගලයා හෙට්ටිපොල මහේත්‍රාත් අධිකරණයේ පැවති නඩුවකට පෙනී සිටීමෙන් පසුව ආපසු නිවස කරා එන අතරතුර කඹුරාපොල දේවාල මංසන්දිය අසල දී යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු වෙඩි තබා තිබෙනවා.

අදාල පුද්ගලයා පවසා ඇත්තේ වෙඩි තැබූ පුද්ගලයින් වැව දෙසින් පළා ගිය බවයි.

නමුත් පොලිසිය සහ ප්‍රදේශවාසීන් ප්‍රකාශ කර ඇත්තේ එවැනි සිදු වීමක් සිදු වී නොමැති බවයි.

වෙඩි තියපු කෙනකු හෝ වෙඩි වැදුනු පුද්ගලයෙක් හෝ ස්ථානයක් එවැනි වෙඩි තැබීමක් ඇසුණු අයකු හෝ නොසිටි බව ඔවුන් පවසනවා.

ඒ කෙසේ වෙතත් මෙම ස්ථානයට කුලියාපිටිය,හෙට්ටිපොල,කටුපොත,පන්නල පොලිස් ස්ථානවල ජීප් රථ හා එහි ස්ථානාධිපතිවරුන් ද ගැවසෙන ස්ථානයක් බව අප වාර්තාකරු පැවසුවා.

මේ වන විට පැමිණිල්ල දුරකථනයෙන් දැණුම් දුන් පුද්ගලයා කුලියාපිටිය පොලිස් මූලස්ථානයේ පැමිණිල්ල සටහන් කරන අතර මොහුගේ පැමිණිල්ල නිරීක්ෂණය කර එය බොරු පැමිණිල්ලක් වුව හොත් ඔහුව අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලිසියේ ඉහළ නිධාරියෙකු පැවසුවා.

Share This