
සීදූවේ දී ” කිට්ටුවා ” කැපුවේ මත්ද්‍රව්‍ය ගැටුමකට ද?
සීදුව මූකලන්ගමුව ප්‍රදේශයේදී ඊයේ රාත්‍රි පුද්ගලයෙකු තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කර තිබෙනවා.
මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් දෙපාර්ශ්වයක් අතර හටගත් ගැටුමක ප්‍රතිඵලයක් මත එම ඝාතනය සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.
සීදුව මූකලන්ගමුව ප්‍රදේශයේ දුම්රිය මාර්ගය අසල දී ඊයේ රාත්‍රියේ පුද්ගලයෙකුට තියුණු ආයුධවලින් පහර දී තිබුණා.
බරපතල තුවාල ලැබූ ඔහු මීගමුව මහ රෝහල වෙත රැගෙන ගියද එහිදී ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
එලෙස මියගොස් ඇත්තේ 41 හැවිරිදි සිදත් දුෂ්මන්ත නොහොත් කිට්ටුවා නැමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වන අයෙක් බව අප වාර්තාකරු සඳහන් කළා.
අදාළ පුද්ගලයා තම නිවසේ සිට යාබදව පිහිටි මිතුරෙකුගේ නිවසට යමින් සිටියදී එම පහර කෑමට ලක්ව තිබෙනවා.
මියගිය කිට්ටුවා නැමැත්තාට මත්ද්‍රව්‍ය ජාවාරම සහ පුද්ගල පහර දීම් සම්බන්ධයෙන් චෝදනා එල්ලව ඇති අතර රක්ෂිත බන්ධනාගාර ගතව සිට මීට දින කිහිපයකට පෙර ඇප මත නිදහස් වී ඇති බවයි වාර්තා වන්නේ.
පහර දීම සඳහා පුද්ගලයින් කිහිප දෙනෙකු පැමිණ ඇති බවට වාර්තා වන අතර මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් ඇති වූ ගැටුමක් මුල්කර ගනිමින් එම පහර දීම සිදුකර ඇති බව සඳහන්.
පහර දීම සඳහා පැමිණි පුද්ගලයින් අතර මාලු කුමාර නැමැත්තාගේ පුතුන් දෙදෙනා ද සිටි බවට විමර්ශනවලදී හෙළිව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
අදාළ සැකකරුවන් මේ වනවිට ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවට වාර්තා වන අතර ඔවුන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි.