තියුණු සටනකින් Lyca’s Jaffna Kings අවසන් මහා තරග බිමට

තියුණු සටනකින් Lyca’s Jaffna Kings අවසන් මහා තරග බිමට

2024 ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගයෙන් එක් ලකුණක තියුණු ජයක් හිමි කර ගැනීමට තෙවරක් කිරුළ දිනූ ප්‍රබල Lyca’s Jaffna Kings කණ්ඩායම සමත් වුණා

ඒ අනුව මෙම ජයග්‍රහණයත් සමග Lyca’s Jaffna Kings හෙට (21) පැවැත්වෙන අවසන් මහා තරග බිමට පිවිසීමට සුදුසුකම් ලබනවා

කාසියේ වාසිය දිනූ Kandy Falcons ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහර දුන් Lyca’s Jaffna Kings කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 07ක් දැවී ලකුණු 187ක් ලබා ගත්තා

අනතුරුව ලකුණු 188ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි Kandy Falcons කණ්ඩායමට තියුණු සටනකින් අනතුරුව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 08ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 186 ක් පමණයි

එහිදී Lyca’s Jaffna Kings කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් අගනා ඉනිමක් ක්‍රීඩා කළ කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 105ක්ද රැස් කළේ හයේ පහර 5ක් සහ හතරේ පහර 12ක් සමගිනුයි

තරගයේ ලකුණු සටහන පහතින්

Share This