තිරිගු පිටි මිල නිසා පකිස්ථානයත් පීඩාවට

තිරිගු පිටි මිල නිසා පකිස්ථානයත් පීඩාවට

තිරිගු පිටි මිල ඉහළ යාමෙන් පකිස්ථානයේ මධ්‍ය හා අඩු ආදායම්ලාභීන් දැඩි අර්බුදයකට මුහුණ පා සිටින බව විදෙස් මාධ්‍ය පවසනවා.

විදෙස් මාධ්‍ය පැවසුවේ ඉස්ලාමාබාද් හා රාවල්පිණ්ඩි යන නගරවල මේවනවිට තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 130 ත් 150 ත් දක්වා ඉහළ ගොස් ඇති බවයි.

උද්ධමනය හමුවේ සාපේක්ෂව භාණ්ඩ හා සේවාවල මිළ ඉහළ ගොස් ඇති පසුබිමක් තුළ දෛනික ආහාර අවශ්‍යතාව සපුරා ගැනීම සදහා අඩු ආදායම් ලාභී පවුල්වලට තිරිඟු පිටි මිලදී ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එමෙන්ම ආපනශාලා සහ ආහාර අලෙවිසැල්වල තිරිඟු පිටිවලින් සකසන ආහාර වර්ගවල මිල ගණන් ද ඉහළ දමා ඇති බවයි වාර්තා වන්නේ.

ආහාරවල මිල ගණන් ඉහළ යාමට සාපේක්ෂව සිය වැටුප ඉහළ නොයන බැවින් ආහාර අවශ්‍යතාව සපුරා ගැනීම පවා දැඩි අර්බුදයක් බවට පත්ව ඇතැයි පකිස්තාන වැසියන් චෝදනා කරනවා.

ඔවුන් පවසන්නේ තිරිඟු පිටි මිල පාලනය කිරීමට වහා මැදිහත්විය යුතු බවයි.

රට තුළ පවතින තිරිගු පිටි හිගය ඒවායේ මිළ ඉහළ යාමට බලපා ඇති ප්‍රධාන හේතුව බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඒ සදහා කඩිනම් පියවර නොගත හොත් ඉදිරියේදී තිරිගු පිටි මිල තවදුරටත් ඉහළ යනු ඇතැයි වෙළදුන් පවසනවා.

Share This