තිරිඟු පිටි සඳහා පනවා තිබූ බදු සහනය ඉවතට

තිරිඟු පිටි සඳහා පනවා තිබූ බදු සහනය ඉවතට

තිරිඟු පිටි සඳහා ලබාදී තිබූ රුපියල් තුනක රේගු බදු සහනය ඉවත් කර තිබෙනවා

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවේ ඒ හේතුවෙන් තිරිඟු පිටි මිලෙහි කිසිදු වෙනසක් සිදු නොවන බවයි.

අවිස්සාවේල්ල ප්‍රදේශයේ අද (07) පස්වරුවේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ තිරිඟු පිටි සඳහා ලබා දී රේගු බද්ධ යළි පැනවීම මගින් සියයට 90 ක් වූ යැපුම් මට්ටමේ වී ගොවීන් ආරක්ෂා කර ගැනීම සඳහා තිරිඟු පිටි මිල කළමණාකරණය කිරීම සිදු කරන බවයි

Share This