තුර්කි ඛේදවාචකයෙන් විනාශ වූ නිවාස යළි ඉදිකිරීම් ඇරඹේ

තුර්කි ඛේදවාචකයෙන් විනාශ වූ නිවාස යළි ඉදිකිරීම් ඇරඹේ

තුර්කියේ භූ කම්පනයෙන් නිවාස අහිමි වූ මිලියන 1.5කට නිවාස යළි ඉදිකිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර තිබෙනවා.

පසුගිය හයවනදා ඇති වූ ප්‍රබල භූමි කම්පාවෙන් තුර්කියේ සහ සිරියාවේ මියගිය ගණන 50,000 ඉක්මවා ඇති බවයි විදෙස් වාර්තා පැවසුවේ

ඒ අනුව තුර්කියේ මියගිය සංඛ්‍යාව 44,218 දක්වා ඉහළ ගොස් ඇති අතර සිරියාවේ 5,914 කට ජීවිත අහිමි වී ඇති බවයි වාර්තා වන්නේ

එමෙන්ම තුර්කියේ සහ අසල්වැසි සිරියාවේ මහල් නිවාස 520,000 ක් සහිත ගොඩනැගිලි 160,000 කට දැඩි හානි සිදුව ඇති බව සඳහන්.

 

Share This