තුර්කි පාර්ලිමේන්තුව ආසන්නයේ බෝම්බ පිපිරීමක්

තුර්කි පාර්ලිමේන්තුව ආසන්නයේ බෝම්බ පිපිරීමක්

තුර්කියේ අන්කාරා අගනුවර මරාගෙන මැරෙන බෝම්බ පිපිරීමක් සිදුව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ තුර්කි පාර්ලිමේන්තු සංකීර්ණය ආසන්නයේ පිහිටි අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය ඉදිරිපිට අදාළ ප්‍රහාරකයා මරාගෙන මැරෙන බෝම්බය පුපුරවාගෙන ඇති බවයි

ප්‍රහාරයෙන් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන්ගේ තත්ත්වය ද බරපතල නොවන බව සඳහන්.

කෙසේ වෙතත් පිපිරීම ත්‍රස්තවාදී ප්‍රහාරයක් බවයි එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා පවසා ඇත්තේ

පාර්ලිමේන්තුව රැස්වීමට පැය කිහිපයක් තිබියදී මෙම පිපිරීම සිදුව ඇති අතර තුර්කි ජනාධිපති Recep Tayyip Erdogan පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භයේදී ප්‍රකාශයක් කිරීමට නියමිතව තිබුණා

Share This