තුර්කි – සිරියා භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව 26,000 ට ආසන්නයි

තුර්කි – සිරියා භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව 26,000 ට ආසන්නයි

තුර්කියේ සහ සිරියාවේ සිදුවූ දරුණු භූ කම්පනයෙන් මියගිය පිරිස 26,000 ට ආසන්න වන බවට විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කරනවා.

රිච්ටර් මාපාංක 7.8 ක ප්‍රභලත්වයක් පෙන්වූ භූ කම්පනයෙන් තුර්කියේ මියගිය සංඛ්‍යාව 22,327 ක් පමණ වන බවත් සිරියාවේ 3,553 ක් පමණ වන බවටත් සඳහන් වනවා.

මෙම භූ කම්පනය පසුගිය 06 වනදා අලුයම 04.00 ට පමණ සිදුව තිබුණා. එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කරන ආකාරයට සිරියාවේ පමණක් මිලියන 5.3 ක ජනතාවක් නිවාස අහිමිව අවතැන්ව තිබෙනවා.

Share This