තුර්කි -සිරියා භූමිකම්පාවේ ගොඩනැගිලි කඩා වැටුණේ දුර්වල ඉදිකිරීම් නිසා -විමර්ශකයන් හෙළි කළ තොරතුරු (PHOTOS )

තුර්කි -සිරියා භූමිකම්පාවේ ගොඩනැගිලි කඩා වැටුණේ දුර්වල ඉදිකිරීම් නිසා -විමර්ශකයන් හෙළි කළ තොරතුරු (PHOTOS )

පසුගිය මාසයේ තුර්කි -සිරියා දේශ සීමාවේ ඇති වූ ප්‍රබල භූමිකම්පාවෙන් සිදු වූ හානිය විමර්ශනය කිරීමට එක්සත් රාජධානියේ සිවිල් ඉංජිනේරුවන් තුර්කියට ගොස් තිබෙනවා.

ඔවුන් භූ විද්‍යාත්මක දත්ත එක්රැස් කරමින් ගොඩනැගිලි විශාල ප්‍රමාණයක් කඩා වැටුණේ කෙසේද යන්න තක්සේරු වාර්තාවක් සාදන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

ශක්තිය අඩු කරන දුර්වල ඉදිකිරීම් පිළිබඳ උදාහරණ ඔවුන් හෙළි කර ඇති අතර භූමිකම්පාවේ බලවත් බව ද යම් විනාශයකට හේතු වී ඇති බවද ඔවුන් සඳහන් කරනවා.

තුර්කිය ද භූමිකම්පාව සම්බන්ධයෙන් ඉංජිනේරු කණ්ඩායම (EEFIT) යොදවා පුළුල් පරීක්ෂණ සිදු කරන බව සඳහන් වනවා

මෙම කණ්ඩායමට කර්මාන්තයේ ප්‍රවීණයන් මෙන්ම ප්‍රමුඛ පෙළේ විද්වතුන් ද ඇතුළත් වන අතර පසුගිය දශක තුන තුළ ප්‍රධාන භූමිකම්පා පිළිබඳ තක්සේරු කිරීම් ඔවුන් විසින් සිදු කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

සිරියාවේ දේශසීමා ආසන්නයේ දකුණු තුර්කියේ පෙබරවාරි 6 වන දින මැග්නිටියුඩ් 7.8 ක ඇති වූ භූමිකම්පාවෙන් 50,000 කට වැඩි පිරිසකට ජීවිත අහිමි වුණා

 

 

Share This