තුර්කිය – ඊශ්‍රායලය සමඟ වෙළඳාම් නතර කරයි

තුර්කිය – ඊශ්‍රායලය සමඟ වෙළඳාම් නතර කරයි

තුර්කිය – ඊශ්‍රායලය සමඟ සියලු වෙළඳ කටයුතු නතර කළ බව තුර්කි වෙළඳ අමාත්‍යාංශය පවසා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා

ඒ ගාසා තීරයේ පලස්තීනුවන්ට එරෙහිව ඊශ්‍රායලයේ “නොනවතින ප්‍රචණ්ඩත්වය” හේතුවෙනුයි

පසුගිය මාසයේ සිට ඊශ්‍රායලයට අපනයනය කිරීමට තුර්කිය විසින් සීමාවන් පැනවීමෙන් පසු මෙම පියවර ගෙන ඇති අතර, ගාසා තීරයේ සටන් විරාමයක් ඇති වන තෙක් එය ක්‍රියාත්මක වන බවයි එම වාර්තා වල දැක්වෙන්නේ

එමෙන්ම ගාසා තීරයට අඛණ්ඩව සහ ප්‍රමාණවත් තරම් මානුෂීය ආධාර ගලා යාමට ඊශ්‍රායල රජය ඉඩ දෙන තෙක් තුර්කිය මෙම නව ක්‍රියාමාර්ග දැඩිව හා තීරණාත්මකව ක්‍රියාත්මක කරනු ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළා

Share This