තුර්කිය කුර්දි කැරලිකරුවන්ට ගුවන් ප්‍රහාර එල්ල කරයි (VIDEO)

තුර්කිය කුර්දි කැරලිකරුවන්ට ගුවන් ප්‍රහාර එල්ල කරයි (VIDEO)

අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල වී පැය කිහිපයකට පසු උතුරු ඉරාකයේ කුර්දි කැරලිකරුවන්ට ගුවන් ප්‍රහාර එල්ල කළ බව තුර්කිය පවසනවා

එරට රජය ප්‍රකාශ කළේ ඉලක්ක කළ ස්ථාන 20ක් විනාශ වී ඇති බවයි

කුර්දිස්තාන් කම්කරු පක්ෂය (PKK) අගනුවරට එල්ල වූ මාරාන්තික බෝම්බ ප්‍රහාරයේ වගකීම භාරගෙන පැය කිහිපයකට පසුව, තුර්කි හමුදාව උතුරු ඉරාකයේ කුර්දි සටන්කාමීන් ඉලක්ක කර ගුවන් ප්‍රහාර එල්ල කරනු ලැබුවා

තුර්කිය, එක්සත් ජනපදය සහ යුරෝපා සංගමය විසින් ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස වර්ගීකරණය කර ඇති කුර්දිස්තාන් කම්කරු පක්ෂය (PKK) මීට පෙර ප්‍රකාශ කළේ තුර්කියේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ ගොඩනැගිල්ලෙන් පිටත පිපිරීමෙන් එක් අයෙකු මිය ගොස් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවයි.

මේ පිළිබඳව අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ අන්කාරා හි පාර්ලිමේන්තුව විවෘත කිරීමට පෙර ප්‍රහාරකයන් දෙදෙනෙකු සිවිල් වැසියෙකු ඝාතනය කර ඔහුගේ වාහනය සොරකම් කර ඇති බවයි.

ඉන් පොලිස් නිලධාරීන් දෙදෙනෙකුටද තුවාල සිදුව ඇති බවද සඳහන්

ප්‍රහාරකයින් දෙදෙනාගෙන් අවම වශයෙන් එක් අයෙකු කුර්දිස්තාන් කම්කරු පක්ෂයේ (PKK) සාමාජිකයෙකු බවද අමාත්‍යාංශය තහවුරු කර ඇති අතර දෙවන ප්‍රහාරකයා මෙතෙක් හඳුනාගෙන නොමැති බවද එම නිවේදනයේ සඳහන් වන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

Share This