තුර්කියේ කඩාවැටුණු ගොඩනැගිලි නිසා ‘කොන්ත්‍රාත්කරුවන් සහ දේපල හිමියන් 184කට’ සිදු වූ දේ

තුර්කියේ කඩාවැටුණු ගොඩනැගිලි නිසා ‘කොන්ත්‍රාත්කරුවන් සහ දේපල හිමියන් 184කට’ සිදු වූ දේ

තුර්කියට බලපෑ භූමිකම්පාවෙන් කඩා වැටුණු ගොඩනැගිලි සම්බන්ධයෙන් විමර්ශනය සඳහා 600 කට වැඩි පිරිසක් යොදවා සිටින බව එරට රජය සඳහන් කරනවා.

එරට අධිකරණ අමාත්‍ය Bekir Bozdag පවසා තිබෙන්නේ ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන් සහ දේපල හිමියන් ඇතුළු සැකකරුවන් 184 දෙනෙකු දැනටමත් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

සිදුවූ භූමිකම්පාවෙන් තුර්කියේ සහ සිරියාවේ තහවුරු වූ මරණ සංඛ්‍යාව මේ වන විට 50,000 ඉක්මවා ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා.

සති දෙකකට පෙර බලධාරීන් පැවසුවේ අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු 113 ක් නිකුත් කර ඇති බවයි.

අත්අඩංගුවට ගත් අය අතර කම්පන ඇති වූ ස්ථානයට ආසන්න නගරයක නගරාධිපතිවරයෙකු ද සිටින බවයි තුර්කි මාධ්‍ය වාර්තා කරන්නේ.

භූමිකම්පාවෙන් පසු තුර්කියේ ගොඩනැගිලි 160,000කට අධික ප්‍රමාණයක් කඩා වැටී හෝ දැඩි ලෙස හානි වී ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා.

Share This