තුර්කියේ පිපිරීමක් -පොලිස් නිලධාරීන් ඇතුළු 7කට තුවාල

තුර්කියේ පිපිරීමක් -පොලිස් නිලධාරීන් ඇතුළු 7කට තුවාල

තුර්කියේ සිදුවූ පිපිරීමකින් පොලිස් නිලධාරීන් 5 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 7 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

නිවසකින් දැවැන්ත ශබ්දයක් ඇසුණු බවට ලද තොරතුරකට අනුව පොලිස් නිලධාරීන් එම ස්ථානයට ගොස් ඇති අතර අවස්ථාවේ දී තවත් පිපිරීමක් සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකු එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

Share This