තුර්කියේ සහ සිරියාවේ භූමිකම්පාවෙන් නිවාස අහිමි වූ ගණන මිලියන 1.5ක්

තුර්කියේ සහ සිරියාවේ භූමිකම්පාවෙන් නිවාස අහිමි වූ ගණන මිලියන 1.5ක්

තුර්කියේ සහ සිරියාවේ සිදුවූ විනාශකාරී භූමිකම්පාවලින් මාසයකට පසුත් , දිවි ගලවා ගත් අය අවිනිශ්චිත අනාගතයකට මුහුණ දෙන බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා.

ඔවුන්ගේ බරපතලම ගැටළුව වී තිබෙන්නේ ජීවත් වීමට ආරක්ෂිත ස්ථානයක් සොයා ගැනීමයි.

අවම වශයෙන් මිලියන 1.5ක ජනතාවකට නිවාස අහිමි වී ඇති අතර ඔවුන්ට නිසි නවාතැන් සොයා ගැනීමට කොපමණ කාලයක් ගතවේද යන්න පැහැදිලි නැති බවත් විදෙස් මාධ්‍ය පවසනවා.

මේ අතර තුර්කි ආපදා ඒජන්සිය පවසා තිබෙන්නේ මිලියන දෙකකට ආසන්න ජනතාවක් මේ වන විට භූමිකම්පා කලාපයෙන් ඉවත්ව ගොස් ඇති බවයි.

තවත් සමහරු රටේ වෙනත් තැනක මිතුරන් හෝ ඥාතීන් සමග ජීවත් වෙන අතර එම ප්‍රදේශයෙන් පිටත්ව යාමට කැමති අයට කලාපයෙන් පිටත ගුවන් ගමන් සහ දුම්රිය පහසුකම් නොමිලේ සපයා දී ඇති බව ද විදෙස් මාධ්‍ය පවසනවා

භූමිකම්පාවෙන් ගොඩනැගිලි 160,000කට වැඩි ප්‍රමාණයක් කඩා වැටී හෝ දැඩි ලෙස හානි වී තිබෙන බව ද විදෙස් මාධ්‍ය පවසනවා.

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) ඇස්තමේන්තු කරන්නේ අවම වශයෙන් මිලියන 1.5 ක ජනතාවක් තවමත් භූමිකම්පා කලාපය තුළ සිටින නමුත් ජීවත් වීමට තැනක් ඔවුන්ට නොමැති බවයි

Share This