තුර්කියේ සුන්බුන් අතරින් සිරුර හමුවූ ”ජාත්‍යන්තර පාපන්දු තරුව ” අද අවසන් ගමන් යයි

තුර්කියේ සුන්බුන් අතරින් සිරුර හමුවූ ”ජාත්‍යන්තර පාපන්දු තරුව ” අද අවසන් ගමන් යයි

තුර්කියට බලපෑ භූමිකම්පාවකින් මියගිය ඝානාවේ පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියන් අට්සුගේ අවසන් කටයුතු අද (17) ඔහුගේ උපන් ගම වන ඝානාවේ සිදු කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය පවසනවා

දකුණු තුර්කියේ පිහිටි ඔහුගේ මහල් නිවාසය කඩා වැටීමෙන් පසු සුන්බුන් අතර තිබියදී ඔහුගේ සිරුර සොයා ගැනීමටත් දින කිහිපයක් ගත වුණා .

රාජ්‍ය අනුග්‍රහය ඇතිව අවමංගල්‍ය උත්සවය ඝානාවේ අගනුවර වන ඇක්‍රා හිදී සිදුකෙරෙන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

ඝානාවේ සහ විදේශයන්හි ශෝකවන්නන් දහස් ගණනක් දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා එක්වනු ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

Hatayspor ක්‍රීඩා සමාජයට ඔහු තම දායකත්වය ලබා දී ඇති අතර ඝානාවේ ජාතික කණ්ඩායම වෙනුවෙන් 65 වතාවක් ක්‍රීඩා කර තිබෙනවා.

ඝානාවේ ජාතික කණ්ඩායමට 2015 වසරේදී අප්‍රිකානු ජාතීන්ගේ කුසලානයේ අවසන් තරගයට පැමිණීමටද  ඔහු දායක වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

Share This