තෙත නාඩු වී කිලෝව රු. 102 ට ගන්න මෝල් හිමියෝ ආණ්ඩුවට එකග වෙලා (VIDEO)

තෙත නාඩු වී කිලෝව රු. 102 ට ගන්න මෝල් හිමියෝ ආණ්ඩුවට එකග වෙලා (VIDEO)

තෙත නාඩු වී කිලෝවක් රුපියල් 102ක මුදලකට මිලදී ගැනීමට රජය සමඟ එකඟතාවකට පැමිණි බව සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල්හිමියන් පවසනවා.

ඇතැම් ගොවීන් චෝදනා කරන්නේ තමන්ට වී සඳහා ලබාදී ඇති මිල කිසිසේත් ප්‍රමාණවත් නොවන බවයි.

මේ වන විට ප්‍රදේශ දෙකක යල කන්නයේ අස්වනු නෙලීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව වී සඳහා ගොවීන්ට සහතිකමිලක් ලබාදීමටද රජය කටයුතු කළා.

අම්පාර දිස්ත්‍රික්කයේ ද මේ වනවිට යල කන්නයේ වී අස්වනු නෙලීමේ කටයුතු සිදුවන අතර, ගොවීන් තමන් නෙලාගත් වී මාර්ගය දෙපස දමමින් වියලීමේ කටයුතු සිදුකරනවා.

ගොවීන් ප්‍රකාශ කළේ වැඩි මිලකට අලෙවි කිරීමේ අරමුණින් මෙලෙස වී වියලීමට කටයුතු කරන බවයි.

මේ අතර තෙත වී කිලෝවක් රුපියල් 102ක මිලකට ලබාගැනීමට සූදානම් බව සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන් පවසනවා.

Share This