තෙල් මිල වැඩි කළ නිසා අද සිට මිල වැඩි වෙන භාණ්ඩ

තෙල් මිල වැඩි කළ නිසා අද සිට මිල වැඩි වෙන භාණ්ඩ

ඉන්ධන මිල ඉහළ යෑම හේතුවෙන් අද සිට පාන්, බනිස් ඇතුළු බේකරි නිෂ්පාදන සියල්ලේම මිල ඉහළ යෑම නොවැළැක්විය හැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා සඳහන් කරනවා.

මේ සම්බන්ධයෙන්  ‘ස්වර්ණවාහිනී පත්තරේ’ වැඩසටහනින් ද අවදානය යොමු කෙරුණා.

“මෙච්චර ප‍්‍රශ්න තියෙද්දී ආණ්ඩුව තෙල් මිල වැඩි කළා. ආණ්ඩුවේ වැරදි ක‍්‍රියාමාර්ග නිසා හැම දෙයකම මිල ඉහළ යනවා. රජය පාම් ඔයිල් තහනම් කළා. ඒකෙන් එකකට එකක් මිල වැඩිවුණා. මීට වසරකට පෙර පොල්තෙල් ලීටර් 20 කෑන් එකක මිල රුපියල් 4800 යි. දැන් ඒක රුපියල් 13,500 ක් වෙනවා.

මේ බේකරි නිෂ්පාදන සියයට 30 ක්ම බෙදාහරින්නේ චූන් පාන් ත‍්‍රීවිල්වල. පෙට‍්‍රල් මිල වැඩි කළාම කොහොමද දරාගන්නේ. තෙල් මිල ඉහළ දැමීම නිසා බේකරි හිමියන් තමන්ගේ නිෂ්පාදන එක එක ගණන්වලට ඉහළ නංවලා අද ඉඳලා අලෙවි කරයි. ඒකට අපිට කරන්න දෙයක් නැහැ. හෙට අනිද්දා ගෑස් මිල වැඩි කළාම බේකරි නිෂ්පාදන මිල තවත් ඉහළ යනවා. ලූණු කැටේ සිට හැම දෙයක්ම ගණන්. මේවා බේකරි හිමියන් දරාගන්නේ කොහොමද? යනුවෙන් සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා ප්‍රශ්න කර සිටිනවා.

Share This