
තෙවන දිනය අවසානයේ ශ්රී ලංකා කණ්ඩායම ලකුණු 455ක් ඉදිරියෙන්
සංචාරක ශ්රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තෙවන දිනය අවසන් වන විට ශ්රී ලංකා කණ්ඩායම සිය දෙවැනි ඉනිම සඳහා කඩුලු 6ක් දැවී ලකුණු 102ක් ලබා සිටිනවා
ඒ අනුව ශ්රී ලංකා කණ්ඩායම බංග්ලාදේශයට වඩා ලකුණු 455ක් ඉදිරියෙන් පසු වනවා
එමෙන්ම, දෙවන ටෙස්ට් තරගයේ සිය පළමු ඉනිම ක්රීඩා කළ බංග්ලාදේශ කණ්ඩායම සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 178ක් පමණයි
